ශ්‍රී ලංකාවේ පළාත් සභා ඡන්දයට අදාළව පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වෙයි!

Screenshot 2026-09-12 at 6.34.49 AM

ශ්‍රී ලංකාවේ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කරනු ලැබූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වීමට විපක්ෂය තීරණය කර තිබේ. එම කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් මස 17 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට දැඩි විරෝධය පළ කරමින් විපක්ෂය මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ කාරක සභාවේ කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බැවින් එහි කාලය දීර්ඝ කළ බවයි. කෙසේ වෙතත්, මීට දැඩි විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ මෙම කාරක සභාව රැස්වී මේ වන විට මාස 9ක් ගත වී ඇති බවයි. මැතිවරණය කල් දැමීම සඳහා මෙම කාරක සභාව කාලය මරමින් (delaying tactics) සිටින බව පෙනී යන බැවින්, තවදුරටත් එම කාරක සභාව වෙත සහභාගී නොවීමට විපක්ෂය තීරණය කළ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

You may have missed