ශ්‍රී ලංකා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව පළමු වරට රැස්වෙයි!

MediaFile_20260911_122416_069

ශ්‍රී ලංකා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස්ව තිබේ. අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය (Consular Division) සම්පූර්ණයෙන්ම ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ පුළුල් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙම ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව, විදෙස් රටවල පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහ මහ කොමසාරිස් කාර්යාලවල කොන්සියුලර් අංශයන් ද නව තාක්ෂණය සමඟ සම්බන්ධ කරමින් ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමටත්, අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන මෙම කොන්සියුලර් පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමටත් (integration) මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. කේ. ටී. කුමාරසිරි, එම අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත ගනේගමආරච්චි, ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය මනෝජ් ගමගේ සහ GovTech Sri Lanka හි ඩිජිටල් පරිවර්තන අංශ ප්‍රධානී මයිකල් හෙල්ම් (Michael Helm) යන මහත්ම මහත්මීන් ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

You may have missed