ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඒකාධිපති ගමනක යමින් සිටින බවට සජිත්ගෙන් චෝදනා!

MediaFile_20260905_104112_013

හම්බන්තොට, ශ්‍රී ලංකාව —

වත්මන් රජය විසින් රට ඒකාධිපතිත්වයේ ගමන් මාර්ගයකට යොමු කරමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් අවසානය කරා ගෙන යමින් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස චෝදනා කර තිබේ. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර නව නගරයේ පැවති විශේෂ ජනතා වැඩසටහනක් අමතමිනි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ වර්තමානයේ රට පාලනය කරනු ලබන්නේ විකෘති ආණ්ඩුවක් විසින් බවයි. එම විකෘති ආණ්ඩුව විසින් පුරවැසි සහභාගීත්වය ක්‍රමයෙන් අඩු කිරීමේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පවතින ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරමින් සිටින බව ඔහු සඳහන් කළේය. යෞවන සමාජ නිලවරණවලින් ආරම්භ වූ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය, අනතුරුව සිවිල් ආරක්ෂක කමිටු දක්වාත්, වර්තමානයේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් මුළුමනින්ම විනාශ කරමින් තනි මතයට කටයුතු කිරීමේ තත්ත්වයට පත්ව ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය. මුළු රාජ්‍ය යාන්ත්‍රණයම එක් පක්ෂයක නියෝග මත පමණක් ක්‍රියාත්මක කරමින් සදාකාලිකවම තනි පක්ෂයක් රට පාලනය කිරීමේ අරමුණින් රජය කටයුතු කිරීම නිසා සමස්ත රටම මේ වන විට දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බව ඔහු අවධාරණය කළේය.

You may have missed