ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු කඩිනම් කෙරේ!

MediaFile_20260905_151448_037

කොළඹ, ශ්‍රී ලංකාව —

ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය වත්මන් යුගයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වත්මන් පාලනය යටතේ ඉතා කඩිනමින් සිදු කරමින් පවතින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දකුණු ආසියාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ කලාපීය වෘත්තීය සමිති හුවමාරු දෙදින වැඩමුළුව අමතමිනි.

ශ්‍රී ලංකාවේදී කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව ආරම්භ වූ අතර, ඒ සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙහිදී අදාළ රටවල කම්කරු නීතිවල පවතින වත්මන් තත්ත්වය, කම්කරුවන් මුහුණපාන අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් මෙන්ම කම්කරු නීති ප්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සහ පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. කලාපීය මට්ටමින් කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, සේවා ස්ථානවල ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමටත් මෙම හුවමාරු වැඩමුළුව ඉතා වැදගත් වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

You may have missed