ශ්‍රී ලංකාවේ අගෝස්තු 20 වැනිදා පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක්!

Screenshot 2026-08-28 at 9.47.33 AM

කොළඹ, ශ්‍රී ලංකා —

2026 අගෝස්තු 20 වන දින පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා මාර්ගගතව (Online) අයදුම් කළ අයදුම්කරුවන් යළිත් වරක් මාර්ගගත ක්‍රමයට අයදුම් කළ යුතු බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

එදින දත්ත පද්ධතියේ හටගත් අක්‍රියතාවක් හේතුවෙන් අයදුම්කරුවන් විසින් යොමු කරන ලද අදාළ අයදුම්පත් පද්ධතියෙන් ඉවත් වී ඇති බැවින්, මෙම පියවර ගැනීමට සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මුදල් ආපසු ගෙවීම සහ නව අයදුම්පත් යොමු කිරීම

  • ගෙවන ලද මුදල් නැවත බැර කිරීම: පෙර අයදුම්පත සඳහා අයකරන ලද රුපියල් 5,100ක මුදල, අදාළ අයදුම්කරු විසින් ගෙවීම් සිදුකළ බැංකු කාඩ්පතට (Card) නැවත බැර කිරීමට කටයුතු යෙදී ඇත.
  • නැවත අයදුම් කිරීම: යළි ඉදිරිපත් කරන නව අයදුම්පත සම්බන්ධයෙන් අදාළ වාර්තා කැඳවීමෙන් අනතුරුව නිෂ්කාශන සහතිකය නිකුත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම

පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන ඩිජිටල් දත්ත පද්ධතිය අගෝස්තු 20 වන දින දහවල් 12:50 සිට අක්‍රියව පැවතුණි.

පසුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව, අවශ්‍ය පියවර ගනිමින් එම පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව මේ වනවිට පෙර පරිදිම නිෂ්කාශන වාර්තා සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි.

You may have missed