“මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස්” තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ගිය ටිෂානි පෙරේරා යළි දිවයිනට

image_810aa1ed10

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ විනෝදාත්මක වාර්තාව

2026 ජූනි 02 (නවසීලන්තය) — තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වූ “මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස්” (Miss Grand All Stars) ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ටිෂානි පෙරේරා මෙනෙවිය අද සවස දිවයිනට පැමිණියාය.

තරගාවලියේ විශේෂ අවස්ථා

  • මෙම තරගාවලියට ලෝකයේ රටවල් 56ක ජයග්‍රාහී රූ රැජිනියන් පමණක් සහභාගී වී ඇති අතර, එය මැයි 16 වැනි දින සිට 30 වැනි දින දක්වා තායිලන්තයේදී පැවැත්විණි.
  • මීට පෙර මිස් ග්‍රෑන්ඩ්, මිස් යුනිවර්ස් සහ මිස් වර්ඩ් වැනි ප්‍රධානතම රූ රැජින තරගාවලිවල ජයග්‍රාහිකාවන්ට පමණක් මෙවර තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි විය.
  • ටිෂානි පෙරේරා මෙනෙවිය 2025 වසරේ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව වේ.
  • තරගාවලියේ නිරූපණ අංශයෙන් (Runway) ජනතා කැමැත්ත (People’s Vote) මත අවසන් දස දෙනා අතරින් අවසන් 07 දෙනා අතරට තේරී පත්වීමට ඇය සමත් වූවාය.

ටිෂානි පෙරේරාගේ පසුබිම

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක වන ටිෂානි පෙරේරා මෙනෙවිය, මේ වන විට තම පශ්චාත් උපාධිය හදාරමින් සිටින බව වාර්තා වේ.