නවසීලන්ත මහ මැතිවරණය: ඔක්තෝබර් 25 වැනි දිනට පෙර ඡන්දදායක ලියාපදිංචිය සිදු කරගැනීමේ වැදගත්කම!

Screenshot 2026-09-04 at 10.57.12 AM

වෙලින්ටන්, නවසීලන්තය —

නවසීලන්තයේ ඉදිරි නොවැම්බර් මග මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන පුරවැසියන් සඳහා මැතිවරණ නීතිවල වැදගත් වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. පසුගිය මැතිවරණ මෙන් නොව, මෙවර ඡන්ද දිනට ආසන්නව හෝ ඡන්ද දිනේදීම ඡන්දදායක ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වන අතර, නොවැම්බර් 7 වැනි දින පැවැත්වෙන මැතිවරණය සඳහා ඔක්තෝබර් 25 වැනි දින මධ්‍යම රාත්‍රියට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි වී තිබිය යුතුය.

රජය විසින් මෙම නීති සංශෝධනය කර ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම වේගවත් කිරීමට සහ මැතිවරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටය. කෙසේ වෙතත්, විපක්ෂ පක්ෂ සහ විවිධ ප්‍රජා සංවිධාන පෙන්වා දෙන්නේ මෙම නව නීති හේතුවෙන් තරුණ සහ දුරස්ථ ප්‍රදේශවල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම අපහසු විය හැකි බවයි. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ දැනටමත් ලියාපදිංචි වී ඇති ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවත්, නොපමාව අන්තර්ජාලය හෝ දුරකථන හරහා සිය තොරතුරු පරීක්ෂා කර ලියාපදිංචි වන ලෙසයි.

කලින් ලියාපදිංචි වීමේ වාසි සහ විශේෂ ඡන්ද

පුරවැසියන්ට ඔක්තෝබර් 4 වැනි දිනට පෙර ලියාපදිංචි විය හැකි නම්, ඔවුන්ට පහසුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට උපකාරී වන ‘EasyVote’ කාඩ්පත ලබාගත හැකිය. එම දිනයෙන් පසු ලියාපදිංචි වන අයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට සිදු වන්නේ විශේෂ ඡන්දයක් (Special Vote) ලෙසිනි. ඡන්දදායකයින්ට තමන් දැනටමත් ලියාපදිංචි වී ඇත්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා පහසුවෙන් පරීක්ෂා කරගත හැකිය.

You may have missed