කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගෙන් විශේෂ නිවේදනයක්!
Cardinal Malcolm Ranjith, the head of Sri Lanka's Catholic Church, speaks to media personnel in Colombo on April 3, 2025, announcing plans to mark the 6th anniversary of the 2019 Easter Sunday bomb attacks. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
කොළඹ, ශ්‍රී ලංකා — 2026 අගෝස්තු 10 — 2019 පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරදීම සඳහා කොළඹ අගරදගුරු පදවිය පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
1. ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව
ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදුවෙමින් පවතින සංවාධාත්මක පරිසරය තුළ, එහි මහ මොළකරු හෝ මහ මොළකරුවන් මෙන්ම සියලු පාර්ශ්වයන් හෙළි කරගැනීමට සහ රටේ නීතියට අනුව වින්දිතයන්ට යුක්තිය ඉටු කර දීමට අඛණ්ඩව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව අගරදගුරුතුමා තහවුරු කර ඇත. එසේම, රටේ ඕනෑම ආගමික වන්දනා ස්ථානයක හෝ වෙනත් ස්ථානයක ඉදිරියට සිදුවිය හැකි සංවිධානාත්මක හෝ අන්තවාදී ප්‍රහාර වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කළ යුතු බවත්, බලයේ සිටින සියල්ලන් එවැනි ව්‍යසනයක් වැළැක්වීමට උපරිම උත්සාහයක් ගත යුතු බවත් එහි සඳහන් වේ.
2. මරණීය දණ්ඩනය සහ කතෝලික සභා දෝමෝපදේශය
කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ජේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව පැහැදිලි කරන අගරදගුරුතුමා, මන්ද එයින් මානව ගරුත්වය උල්ලංඝනය වන බව පවසයි. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවත්, එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට මෙමඟින් අදහස් නොකරන බවත් එහි අවධාරණය කර ඇත.
