NATO සමඟ කිසිඳු ගිවිසුමක් නැහැ, සිදු වුණේ සාකච්ඡාවක් පමණයි – අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි!
NATO සංවිධානයේ ආරක්ෂක ප්‍රධානීන් සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකවරයා අතර කැනඩාවේදී පැවති සාකච්ඡාවකදී කිසිඳු ගිවිසුමකට එකඟ වීමක් හෝ අත්සන් තැබීමක් සිදු වී නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, NATO සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබාගත හැකි වාසිදායක තත්ත්වයන් සම්බන්ධයෙන් පමණක් එහිදී සාකච්ඡා වූ බවයි. මීට පෙර අවස්ථාවලදීද මෙරට ආරක්ෂක ප්‍රධානීන් NATO ආරක්ෂක ප්‍රධානීන් සමඟ විවිධ සාකච්ඡාවල නිරත වී ඇති බැවින්, මෙම හමුව කිසිදු සුවිශේෂී හෝ අසාමාන්‍ය තත්ත්වයක් මත සිදු වූවක් නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
