සෞදි අරාබියට එරෙහි ප්‍රහාර හමුවේ හූති සටන්කාමීන්ට පාකිස්තානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරයි!
සෞදි අරාබියට ඉදිරියේදී කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත් තුර්කිය, සෞදි අරාබිය සහ පාකිස්තානය අතර මීට පෙර ඇති කරගත් ආරක්ෂක ගිවිසුම වහාම බලාත්මක විය හැකි බවට පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් මහතා දැඩි ප්‍රකාශයක් කර තිබේ. හූති සටන්කාමීන්ගේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ සෞදි අරාබියේ දකුණු ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන බලශක්ති පහසුකම් මධ්‍යස්ථාන කීපයක මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇති පසුබිමක පකිස්තාන ආරක්ෂක ඇමතිවරයා මෙම රතු එළිය දැල්වීම විශේෂ සිදුවීමකි.
එම ආරක්ෂක සන්ධාන ගිවිසුමට අනුව, සන්ධානයේ එක් රටකට එල්ල කරන ප්‍රහාරයක් සියලුම සාමාජික රටවලට එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස සලකා ඊට සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට අදාළ රටවල් එකඟ වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. හූති සටන්කාමීන් දිගින් දිගටම මෙგලෙස ප්‍රහාර එල්ල කළහොත් අදාළ ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන්ම බලාත්මක වන බවත්, එවැනි අවස්ථාවකදී ගිවිසුමට ගරු කරමින් ඊට ප්‍රතිචාර දැක්වීමට පකිස්තානය සම්පූර්ණයෙන්ම බැඳී සිටින බවත් අසිෆ් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ඒ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව තුළ කිසිදු සැකයක් තබා ගත යුතු නැති බව පෙන්වා දුන් ඒ මහතා, මෙය කිසිදු පාර්ශ්වයකට පහරදීම සඳහා සකස් කළ ආක්‍රමණශීලී ගිවිසුමක් නොව පූර්ණ ආරක්ෂක ගිවිසුමක් පමණක් බවද පැහැදිලි කළේය.
