ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ තරගාවලියෙන් රන් හා ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලාංකිකයින් සරසවි ක්‍රීඩා ඉතිහාසය රනින් ලියයි!

image_70d4f1e249

විශ්වවිද්‍යාල ඉතිහාසයේ වසර 60 ක පමණ ක්‍රීඩා ඉතිහාසය සම්පූර්ණයෙන්ම අලුත් කරමින් ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අවිඳු සස්මික සහ නිපුන් ශෙහාර යන ක්‍රීඩකයින් සමත්ව තිබේ. පසුගිය 2026 සැප්තැම්බර් 08 වන දින සිට 12 වන දින දක්වා කටාර්හි දෝහා නුවර පැවති මෙම දැවැන්ත තරගාවලියේ පළමු දිනම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිඳු සස්මික ලියනගේ දරුවා කිලෝ ග්‍රෑම් 60 බර පන්තියෙන් ස්නැච්, ක්ලීන් ඇන්ඩ් ජරක් සහ සමස්ත අංශ තුනේදීම තම සුවිශේෂී දක්ෂතා පෙන්වමින් රන් පදක්කම් 3 කට පූර්ණ හිමිකම් කියන ලදී.

මෙහිදී ඔහු ක්ලීන් අංශයෙන් කිලෝ ග්‍රෑම් 105ක් සහ ජර්ක් අංශයෙන් කිලෝ ග්‍රෑම් 132ක් වශයෙන් එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 237කි. ස්පාඤ්ඤයේ ඔස්කාර් ගෝමස් මාර්ටිනස් කිලෝ ග්‍රෑම් 228ක් සමඟ දෙවන ස්ථානයත්, චීන තායිපේ හි ටැං චුන්-යන් කිලෝ ග්‍රෑම් 227ක් සමඟ තෙවන ස්ථානයත් ලබා ගත් අතර, අවිඳු කිලෝ ග්‍රෑම් 9ක දැවැන්ත ඉදිරියකින් මුළු ශූරතාවම තමා සතු කර ගත්තේය. මීට අමතරව, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නිපුන් ශෙහාර දිසානායක ද කිලෝ ග්‍රෑම් 65 පිරිමි කාණ්ඩයෙන් ඉතා ශක්තිමත් දක්ෂතාවක් පෙන්වමින් ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය. ඔහු ස්නැච් අංශයෙන් කිලෝ ග්‍රෑම් 100ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් අංශයෙන් කිලෝ ග්‍රෑම් 120ක් උස්සමින් එකතුව කිලෝ ග්‍රෑම් 220ක් ලබාගත් අතර, මෙම සමස්ත තරගාවලියේ කළමනාකරු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශක සුජාන් බණ්ඩාර වල්ගම්පාය මහතා කටයුතු කර ඇත.

You may have missed