ඉමේෂාගේ මංගල විස්සයි විස්ස ශතකයෙන් පාකිස්ථානය පරදවමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්!

Screenshot 2026-08-01 at 12.05.59 PM

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

වෙලින්ටන්, නවසීලන්තය — 2026 අගෝස්තු 01 — සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 06ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

තරගයේ විශේෂ අවස්ථා

  • පාකිස්ථාන ඉනිම: තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 176ක ඉලක්කයක් ලබා දුන්නේය. පාකිස්ථාන ඉනිම වෙනුවෙන් ෂවාල් සුල්ෆිකාර් ලකුණු 63ක් සහ නායිකා මුනීබා අලි ලකුණු 42ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි ලකුණු 36කට කඩුලු 02ක් බිඳ හෙළුවාය.
  • ශ්‍රී ලංකා ජයග්‍රහණය: ලකුණු 177ක දැවැන්ත ජයග්‍රහාමී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රහණයේ ඉලක්කය සපුරා ගත්තේය.

ඉමේෂා දුලානිගෙන් ඓතිහාසික ශතකයක්!

මෙම තරගයේදී විශිෂ්ට සහ ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකාරිනී ඉමේෂා දුලානි පන්දු 63ක් තුළ විශිෂ්ට ලකුණු 101ක් රැස් කරමින් ඇයගේ මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය වාර්තා කළාය.

මෙය ඉතිහාසගත වන්නේ, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තුගෙන් පසු කාන්තා විස්සයි විස්ස තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස්කළ එකම පිතිකාරිනිය බවට ඉමේෂා පත් වීමයි. මීට අමතරව, නායිකා චමරි අතපත්තු පන්දු 22ක් තුළ වේගවත් ලකුණු 39ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහාමහත් දායකත්වයක් සැපයීය.

You may have missed