ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් රැසක් ඉහළ මූල්‍ය අවදානමක: මහා භාණ්ඩාගාර වාර්තාවකින් අනාවරණය වේ

images

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – ආර්ථික විශේෂ වාර්තාව

2026 ජූනි 28 (කොළඹ, ශ්‍රී ලංකාව) — ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් 12ක් ආශ්‍රිතව සිදුකළ මූල්‍ය අවදානම් විශ්ලේෂණයකට අනුව, එම ආයතනවලින් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක පවතින බව රජය විසින් නිකුත් කර ඇති 2027 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනය මගින් අනාවරණය වී තිබේ.

ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ පවතින ආයතන:

  • ලංකා සතොස
  • මිල්කෝ සමාගම
  • සීනි සමාගම
  • රාජ්‍ය වැවිලි සංස්ථාව

අඛණ්ඩව සිදුවන අලාභ, දුර්වල ද්‍රවශීලතාවය සහ අධික ණය බර මෙම ආයතනවල මූල්‍ය අස්ථාවරත්වයට ප්‍රධාන හේතු වී ඇත.

සාපේක්ෂව දියුණු තත්ත්වයේ පවතින ආයතන: මිල සංශෝධන සහ මෙහෙයුම් ගැලපුම් හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ වරාය අධිකාරිය සාපේක්ෂව ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, මේවා තවමත් “අඩු අවදානම්” මට්ටමේ පවතින බව වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම, මෙම ආයතනවල සමුච්චිත අලාභ සහ ඇපකර සහිත ණය මහා භාණ්ඩාගාරය විසින් පවරා ගැනීම ඔවුන්ගේ මූල්‍ය දර්ශක ඉහළ යාමට හේතු වී ඇත. මෙය අවදානම තුරන් කිරීමක් නොව, අවදානම වෙනත් පාර්ශ්වයකට පැවරීමක් බව වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.

මූල්‍ය අවදානම් අවම කිරීමේ උපාය මාර්ග: රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා ප්‍රධාන කුළුණු 06ක් ඔස්සේ රජය නව උපාය මාර්ග හඳුන්වා දී ඇත:

  1. ඉහළ අවදානම් සහිත ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම.
  2. ඉන්ධන මිල නියාමනය සහ විදුලි ගාස්තු සංශෝධන ක්‍රමවේද ශක්තිමත් කිරීම.
  3. මූල්‍ය විනය සහ ණය ගැනීම් පාලනය කිරීම.
  4. ද්‍රවශීලතාව සහ මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම.
  5. පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම.
  6. අසම්භාව්‍ය බැරකම් කළමනාකරණය සහ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම.