ශ්‍රී ලංකාව තුළ එල් නිනෝ (El Nino) කාලගුණ තත්ත්වය වර්ධනය වෙමින් පවතියි

LA-NINO

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

කොළඹ, ශ්‍රී ලංකාව — 2026 ජූලි 26 — මේ වන විට එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, මේ වන විට රට තුළ පවතින්නේ දුර්වල එල් නිනෝ තත්ත්වයක සිට මධ්‍යස්ථ මට්ටමකට වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් බවයි. මෙම කාලගුණ විපර්යාසය හේතුවෙන් මෙරට වැසි රටාවන්හි සහ උෂ්ණත්වයේ කැපී පෙනෙන වෙනස්කම් සිදුවිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

එල් නිනෝ තත්ත්වය සහ මෙරට වැසි රටාවට වන බලපෑම්

  • කාලසීමාව: සාමාන්‍යයෙන් එල් නිනෝ සංසිද්ධියක් මාස 10 සිට 12 දක්වා එනම් වසරක පමණ කාලයක් පැවතිය හැකි අතර, එය එක දිගට පෑදීමක් හෝ වැටීමක් පමණක් සිදු කරනත්තක් නොවන බව කාලගුණ අංශ පැහැදිලි කරයි.
  • මෝසම් සහ අන්තර් මෝසම් වෙනස්වීම්: මෙම තත්ත්වය හමුවේ නිරිතදිග මෝසම් වැසි අඩුවීමටත්, ඊසානදිග මෝසම් වැසි මුල් කාලයේ වැඩි වී අවසාන කාලයේදී අඩුවීමටත් ඉඩ ඇත.
  • ගංවතුර අවදානම: ඉදිරියේදී එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් යන දෙවන අන්තර් මෝසම් කාලසීමාවේදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වැසි ලැබිය හැකි අතර, සමහර අවස්ථාවලදී ගංවතුර තත්ත්වයන්ද ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

You may have missed